මාර්ග අනතුරු වැළැක්වීමේ මහජන දැනුවත් කිරීම් යළිත්

Share Button

මාර්ග අනතුරු වැළැක්වීමේ මහජන දැනුවත් කිරීම් යළි අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවට උපදෙස් දෙයි මාර්ග අනතුරු දිනපතා ඉහළයාම මීට හේතුවයි ජනවාරී පළමුවැනිදා සිට අප්‍රේල් 31 වැනිදා දක්වා සිදුවු මාර්ග අනතුරු පිළීබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ඩිස් මහතාට උපදෙස් දී ඇත එම කාලයේ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 736 දෙනෙකු මියගොස් තිබේඩ් ඒ අතරින් 223 දෙනෙක් පදිකයෝ වන අතර යතුරුපැදිකරුවෝ 255 ක්ද ඒ අතර වෙති පසුගිය වසරේදී එම කාලයේ ි මාර්ග අනතුරු හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1006 කි ඇදිරි නීතිය සමයේ සිදුවු මාර්ග අනතුරුවල අඩුවක් පෙන්නුම් කළද ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අනතුරු සිදුවීම නැවත ඉහළ ගොස් ඇති බව දක්නට ලැබේ එබැවින් මාර්ග අනතුරු වළක්වා ගැනීමේ වැඩසටහන් හා ඒ පිළිබඳ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් යළි අරඹන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11