ජාත්‍යන්තර ඔලිම්පික් දිනය අද

Share Button

ජාත්‍යන්තර ඔලිම්පික් දිනය නිමිත්තෙන් සංවිධාන කළ ඔලිම්පික් සැමරුම් උත්සවය ජාතික ඔලිම්පික් කමිටුවේ දී අද පැවැත්වේ. කොරෝනා අර්බුදය හමුවේ ක්‍රීඩාවේ ඉදිරි ගමන ඉලක්ක කර ගනිමින් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන බව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසයි. මේ සදහා ජපාන ටෝකියෝ ඔලිම්පික් කමිටු නියෝජිතයන් ජාත්‍යන්තර බේස්බෝල් ජිම්නාස්ටික් සහ ජූඩෝ සංගම්වල සභාපතිවරුන් වීඩියෝ තාක්ෂණය මගින් සහභාගි වීමට නියමිතයි. මීට අමතරව රටවල් කිහිපයක ඔලිම්පික් කමිටු සභාපතිවරුන් ඔන්ලයින් ඔස්සේ මීට එක් වන බව ලේකම්වරයා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *