ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පකිස්ථානයේ ඒකගත්වය

Share Button

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළ කරයි. පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැමැත්ත පළ කරමින් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දන්වා තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පකිස්ථානයේදී පැවැත්වීමට කලින් සැලසුම්කර තිබුනි. හේතුන් කිහිපයක් මත පකිස්ථානය ආසියානු කුසලාන සත්කාරකත්වයෙන් ඉවත්ව තිබේ. කෙසේ වුවද මේ දක්වා තරගාවලිය පැවැත්වෙන රට නම්කර නොමැති අතර මෙම සති අන්තයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය ආසිනාු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන රට තෝරා ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා කොවිඩ් මර්දනය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ වැඩි ඉඩකඩක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් වතාවට පැවැත්වුනේ 2020 වසරේදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11