සිනමා කර්මාන්තය නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන

Share Button

සිනමා කර්මාන්තය නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන සලසන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි වසංගත තත්ත්වය හමුවේ සිනමා ක්‍ෂේත්‍රයේ උද්ගතවු ගැටඵ පිළිබඳ සිනමා ක්‍ෂේත්‍රයේ නියුතුවුවන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව පැවසීය සිනමා ශාලාවල විදුලි බිල් වෙළෙඳ ගණනය යටතේ සිදු කිරීම වෙනුවට කර්මාන්ත ගණනය යටතේ සිදුකරන මෙන් සිනමා ශාලා හිමියන් ඉල්ලීමක් කළේය විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර ඒ සදහා විසදුමකට එලඹෙන්නැයි අගමැතිවරයා අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාට උපදෙස් දුන්නේය සිනමා ශාලා යලි විවෘත කරන නමුත් පාඩු ලැබිමට සිදුවේ යැයි බියෙන් චිත්‍රපට නිෂ්පාදකයින් සිය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පසුබට වන බව මෙහිදී අනාවරණය විය සිනමා ශාලා විවෘත කිරීමට අදාල සෞඛ්‍ය උපදෙස් සිනමා ශාලා හිමියන් වෙත ලබාදීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *