මාස හතරකට ආසන්න කාලයක් වසා දමා තිබු පාසල් පද්ධතිය යලි ආරම්භ කිරීමේ පලමු අදියර ලබන සදුදා සිට

Share Button

පුරා මාස හතරකට ආසන්න කාලයක් වසා දමා තිබු මෙරට පාසල් පද්ධතිය යලි ආරම්භ කිරීමේ පලමු අදියර ලබන සදුදා සිට ක්‍රියාත්මකයි ඒ අනුව පුරා සතියක් පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම හා විෂබීජහරණය කිරීම සදහා වෙන්කර තිබේ ලබන සදුදා විදුහල්පතිවරුන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් පාසල් විවෘත කෙරේ පාසල් යලි ආරම්භ කිරීමේදී ක්‍රියාත්මක කිරීම සදහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත්කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශ මේ වනවිට සියලුම පාසල් වෙත ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා කියයි සෑම පාසලක්ම සුරක්ෂිත ස්ථානයක් බවට පත්වී ඇද්ද යන්න නිරීක්ෂණය සදහා සතියක කාලයක් තමා අධ්‍යාපන ඇමතිවරයා සමග පාසල් අධික්ෂණයට එක්වන බවද ලේකම්වරයා සදහන් කරයි පාසල් යලි විවෘත කිරීමේ දෙවැනි අදියර ජුලි 06 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි පාසල්වල 05 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් එම අදියර යටතේ පාසල්වලට පැමිණිය යුතුය 10 සහ 12 ශ්‍රේණිවල සිසුන් සදහා තෙවැනි අදියර ක්‍රියාත්මක වන්නේ ජුලි 20 වැනිදා සිටයි සිව්වැනි අදියර යටතේ 03 , 04 ,06, 07, 08 සහ 09 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11