ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවයි

Share Button

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා යයි ගෙවි ගිය පැය 24 තුළ එරටින් ආසාදිතයන් 17 දහසක් වාර්තා වී තිබේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇති ලොව සිව්වැනි රට ඉන්දියාවයි නවදිල්ලිය ඇතුඵ එරට ප්‍රධාන නගරවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහලයමින් පවති මේ අත ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහල ගොස් තිබේ ඒ අනුව එයට ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරිහු අවධාරණය කරති ගෙවිගිය පැය 24 තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඇමෙරිකාවෙනි එම සංඛ්‍යාව 47 දහස් 341 කි ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 25 ඉක්මවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11