බස්නාහිර පලාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරිමේ 3 වන අදියර අද සිට

Share Button

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද සිට ක්‍රියාත්මක වේ  එහි පළමු අදියර මොරටුවේ සිට කොළඹ කොටුව දක්වාත් දෙවන අදියර බොරැල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් මේ වනවිට ක්‍රියාත්මකයි  තුන්වන අදියර අද පෙරවරු 6 00 ට ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කෙරේ  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම අවස්ථාවට සහභාගි වෙයි  සිරිමාවෝ මාවත  ආමර් විදීය  මාළිගාවත්ත මරදාන හරහා කොළඹ කොටුව දක්වා එම බස් ප්‍රමුඛතා මංතිරුව ක්‍රියාත්මකයි  බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වන අවස්ථාවලදී එහි ගමන් කළ හැක්කේ පෞද්ගලික බස්රථ  ලංගම බස්රථ ආසන 20 ට වැඩි කාර්යාල සේවක ප්‍රවාහන බස්රථ සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරන පොදු ප්‍රවාහන බස්රථ හා වෑන් රථ පමණක් බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11