කාර්ය මණ්ඩල සදහා පමණක් රජයේ සියලු පාසල් පලමු අදියර ලෙස අද ආරම්භ කෙරේ

Share Button

මාස හතරකට ආසන්න කාලයක් වසා දමා තිබු මෙරට පාසල් පද්ධතිය යළි ආරම්භ කිරීමේ පළමු අදියර අද සිට ක්‍රියාත්මකයි ඒ අනුව සතියක් පුරා පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම හා විෂබීජහරණය කිරීම සදහා වෙන්කර තිබේ  අද විදුහල්පතිවරුන්ගු රුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් රජයේ පාසල් විවෘත කෙරේ  පාසල් යළි ආරම්භ කිරීමේදී ක්‍රියාත්මක කිරීම සදහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත්කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශ මේ වනවිට සියලුම පාසල් වෙත ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන් එච්ඩ්එ ම් චිත්‍රානන්ද මහතා කියයි  සෑම පාසලක්ම සුරක්ෂිත ස්ථානයක් බවට පත්වී ඇද්ද යන්න නිරීක්ෂණය සදහා සතියක කාලයක් තමා අධ්‍යාපන ඇමතිවරයා සමග පාසල් අධික්ෂණයට එක්වන බවද ලේකම්වරයා සදහන් කරයි පාසල් යළි විවෘත කිරීමේ දෙවැනි අදියර ජුලි 06 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි පාසල්වල 05   11 සහ 13 ශ්‍රේණිවල සිසුන් එම අදියර යටතේ පාසල්වලට පැමිණිය යුතුය 10 සහ 12 ශ්‍රේණිවල සිසුන් සදහා තෙවැනි අදියර ක්‍රියාත්මක වන්නේ ජුලි 20 වැනිදා සිටයි සිව්වැනි අදියර යටතේ 03  04   06  07  08   සහ 09 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරේ
මේ අතර උපකාරක පන්ති ද අද සිට නැවත ඇරඹේ ඒ සෞඛ්‍ය නිතිරිති වලට අනුකුලවයි  මෙහිදී මීටරයක පරතරය තබාගැනීම සහ මුහුණු ආවරණ භාවිතා කිරීම අනිවාර්ය වේ  මේ සම්බන්ධයෙන් සිසුන් මෙන්ම දෙමව්පියන්ද දැඩි අවධානය යොමුකල යුතුය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11