පකිස්තානයේ කොටස් වෙළෙඳපොලට ත්‍රස්ත ප්‍රහාරයක්

Share Button

පකිස්තානයේ කොටස් වෙළෙඳපොලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේ  එහිදී හය දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි  ප්‍රහාරයට පැමිණී තුවක්කු කරුවන් සිව් දෙනාද ඒ අතර වන බව පොලිසිය කියයි පකිස්තානයේ අධි ආරක්‍ෂිත කලාපයේ මෙය පැවැතියත් තුවක්කුකරුවන් ග්‍රෙනේඩ් සහ වෙඩ් ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශයට ඇතුඵවී තිබේ  මේ සම්බන්ධයෙන් කිසිවෙකු වගකීමක් භාරගෙන නොමැත
කොවිඩ් 19 සදහා එන්නතක් සොයා ගැනීමට ස්ථාපිත කර ඇති ලෝක අරමුදලට මේ වන විට ඩොලර් බිලියන 6 යි දශම නවයක් ලැබී තිබේ  ඊට ඩොලර් බිලියන 5 කට වැඩි මුදලක් ලැබී ඇත්තේ යුරෝපා ආයෝජන බැංකුව හරහාය  ඊට පසු අමෙරිකාව මිලියන 545 ක්ද ජර්මනිය  යුරෝ මිලියන 383 ක් ද ලබාදී ඇත  රටවල් 40 ක් පමණ මේ සදහා විවිධ අයුරින් දායක වී ඇත  ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබේ  ඉන් මියගිය සංඛ්‍යාව පන් ලක්‍ෂයකට වැඩිය  අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් දෛනික මරණ සංඛ්‍යාව ප්‍රථම වතාවට අඩුවී තිබේ  කෙසේ වුවත් එරට සමස්ත මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ මට්ටමක පවතිී  අමෙරිකාවේ මරණ සංඛ්‍යාව එක්ලක්‍ෂ 28 දහස ඉක්මවා තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11