පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්‍ෂා කළහැකි පිරිසක් මන්ත්‍රිවරුන් ලෙස තෝරා පත්කරගත යුතුයැයි ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී

Share Button

ගෞරවනීය පාර්ලිමේන්තුවක් සකස් කරගැනීමේ අවශ්‍යතාව මතුවිී තිබෙන බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි  එම ගෞරවය ආරක්‍ෂා කිරීමට හැකි ආදර්ශමත් පිරිසක් මන්ත්‍රිීවරුන් ලෙස තෝරා පත්කර ගතයුතුයැයි ඔහු ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් පැවසිීය වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වු පසු මෙතෙක් රටේ තිබු ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළේය  කොරෝනා මර්දනයට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේම ඇගයීමට ලක්ව ඇතැයි ඔහු කියයි  ඉකුත් රජයේ නාස්තිකාර ප්‍රතිපත්තිය වෙනස්කොට ඇත  රණවිරුවන් ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙනයාම සදහා පසුගිය රජය අත්සන් කළ ජිනීවා ගිවිසුම වත්මන් රජය බලයට පැමිණි විගස ඉවත් කළ බව ගුණවර්ධන මහතා සිහිපත් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11