ඉස්ලාම් අන්තවාදි ක්‍රියාකාරකම් 2004 වසරේ සිට රට තුළ ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණ වෙයි

Share Button

ඉස්ලාම් අන්තවාදි ක්‍රියාකාරකම් 2004 වසරේ සිට ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණයවී තිබු බව රාජ්‍ය බුද්ධි සේවාවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතා පවසයි  2004 වසරේදී මෙරට දේශනයකට පැමිණි ඉන්දියාවේ තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන පුද්ගලයා මෙරටින් පිටමං කොට ඔහු අසාදු ලේඛණයට ඇතුලත් කළ බව හෙතෙම සදහන් කරයි  පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ෂණය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විවෘත සාක්ෂි දෙමින් අද ඔහු මේ බව කීවේය  තමා 2003 වසරේ සිට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ බවත් මුස්ලිම් අන්තවාදි කටයුතු පිළිබඳ නියාමනය සදහා 2002 වර්ෂයේ සිට රාජ්‍ය බුද්ධි සේවාව තුළ වෙනම අංශයක් ස්ථාපිත කර තිබු බවත් හෙතෙම පැවසීය  තමාගේ සේවා කාලයේදී ඕනැම අවස්ථාවකදී ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මුණගැසීමට පහසුකම් සලසා තිබු බවත් ඔවුන් ඇමතිමට ක්‍ෂණික දුරකථන අංකයක් ලබාදී තිබු බවත් කීර්ති ගජනායක මහතා සදහන් කළේය  බුද්ධි තොරතුරක් ලැබුනු විට ඒ සදහා නිශ්චිත නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව පොලිස්පතිවරයාට ඇති බව හෙතෙම පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11