ජනතාවගේ ජීවන ගැටඵ යටපත් කිරීමට රජය විවිධාකාරයෙන් උත්සාහ දරමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගෙන් චෝදනා

Share Button

ජනතාවගේ ජීවන ගැටඵ යටපත් කිරීමට රජය විවිධාකාරයෙන් උත්සාහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා චෝදනා කරයි  සිරිකොත අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ රජය මුදල් නෝට්ටු අච්චු ගැසීම නිසා භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහල යමින් පවතින බවයි  ඉකුත් රජය සමයේ වැටුප් වැඩිකර භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු කිරීමට ක්‍රියා කළ බව ඔහු පැවසීය  එමගින් උද්ධමන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට හැකිවු බව කාරියවසම් මහතා පෙන්වා දුන්නේය  රජය ආර්ථික න්‍යාය වෙනස් කිරීම නිසා රටට අයහපත් ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බව ඔහු පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11