ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට පැහැදිලි වැඩපිළිවෙලක්

Share Button

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයට පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇතැයි එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී  එල් පීරීස් මහතා පවසයි නෙඵම් මාවත එම පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව කීවේය ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සදහා 20 වැනි සංශෝධනය ගෙනඑන බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ නිසා තම මන්ත්‍රිවරුන් 19 වැනි සංශෝධනයට එකගතාව පළ කළ බව ඔහු පැවසීය  19 වැනි සංශෝධනයේ වැරදි නිවැරදි කිරීමට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව මහාචාර්ය ජී  එල් පීරිස් මහතා පෙන්වා දුන්නේය යහපාලන රජයේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා දෙපිලක සිටිම නිසා රටට අගතියක් විය  සමගි ජනබලවේගයේ නායකයාගේ සහ අනුගාමිකයන්ගේ අදහස් පරස්පර විරෝධි වේ  සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ගත්ත ද හරීන් ප්‍රනාන්දු මහතා සමාව ගෙන නැතැයි ඔහු පැවසීය  රටේ අහිංසක ජනතාව පිඩනයට පත්කරන මුල්‍ය සමාගම්වල අනිසි ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස් කෙරේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මෙහිදී පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ රැස්වීම් මාලාව ලබන 03 වැනිදා ආරම්භ කරන බවයි  එම් සී සී ගිවිසුමට අදාල කාර්යාලයක් අරලියගහ මන්දිරයේ දැන් ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11