නෛතික නිර්දේශ අනුව ඊ ටී අයි සහ ද ෆිනෑන්ස් ආයතන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටුකරන ලෙස ජනපතිගෙන් මහ බැංකුවට උපදෙස්

Share Button

අර්බුදයට ලක්ව ඇති ඊ ටී අයි මුල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහබැංකු නිලධාරින්ට උපදෙස් දෙයි  ජනාධිපති කාර්යාලය  මහබැංකුව  භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථානය කර ඉදිරි ක්‍රියාමාර්ග අධික්ෂණය කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි  ඊ ටී අයි සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම පිළිබඳව සොයා බැලිම සදහා ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය  ඊ ටීි අයි ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලිමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇත  මහබැංකුව එම සමාගම් සම්බ්නධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරින  ආයතන දෙකෙහිම ලක්ෂ හයට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියන්ට ගෙවීම් අවසන් කිරීම පලමු අදියර යටතේ සිදු කෙරේ  ආයතන දෙක සතු සියලු දේපළ අත්පත් කරගෙන හෝ සෙසු ගණුදෙනුකරුවන්ට ද සාධාරණය ඉටුකළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය  මිලග මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක්ගැනවිලි විමර්ශනය කර උපරිම විසදුම්දීමට ක්‍රියා කරන බවට මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්ඩ්  ඩී ලක්ෂ්මන් මහතා එහිදී සහතික විය මහ බැංකුවේ අඩුපාඩු නිවැරදි කර ජනතාවට සෘජුව බලපාන ප්‍රශ්න විසදීමටත්ඩ්  ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බව හෙතෙම පැවසීය  ඊ ටී අයි සහ ද ෆිනෑන්ස් ආයතනය සතු දේපල හදුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බව ජනාධිපතිතුමා පැවසීය  මුල්‍ය ආයතනවලට ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11