අධ්‍යාපන සේවා බදු සංශෝධනයට අවධානය

Share Button

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටඵ සම්බන්ධයෙන් සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එකගතාව පල කරයි. දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250 කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දුන්නහ. ඒ පිළිබඳ අවධානය යොමුකළ ජනාධිපතිතුමා කාල පරාශ දෙකකදී සිසුන් 500 කට ඉගැනවීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයන්ගේද උපදෙස් ඇතිව අනුමැතිය දුන්නේය. උපකාරක පන්ති යළි ඇරඹිමේදී ගුරුවරුන් සහ සිසුන් මුහුණදෙන ගැටඵ සම්බන්ධව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණවලට එලඹ ඇත. පාස්කු ඉරුදින ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා මාස පහමාරකට අධික කාලයක් අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. පහ වසර ශීෂ්‍යත්ව විභාගයට පෙන සිටින දරුවෝද එවැනි තත්ත්වයකට මුහුණදි සිටිති. එම කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැතවමේ දින වෙනස් කිරිීමට අවධානය යොමුකරන ලෙස උපකාරක පන්ති ගුරුවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. ගුරුවරුන්. දෙමව්පියන් සහ සිසුන් සමග පුර්ණ අධ්‍යනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරාගැනීමේ වැඩි අවස්ථාවක්දිමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිතුමා විභාග කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේය. අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය සියයට 24 කි. එය සංශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමටද ජනාධිපතිතුමා එකග විය. පොහෝදිනවල උපකාරක පන්ති සම්පුර්ණයෙන් නතර කිරීිමට මෙහිදී ගුරුවරු කැමැත්ත පල කළහ. අපොස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උයද වරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමටද තීරණය කෙරිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11