ආරාධිත ක්‍රිඩා සමාජ අතර ජාතික මට්ටමේ පාපන්දු තරගාවලියක්

Share Button

ආරාධිත ක්‍රිඩා සමාජ අතර ජාතික මට්ටමේ පාපන්දු තරගාවලියක් පැවැතවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කරයි. ප්‍රධාන ක්‍රිඩා සමාජ 24 ක් තෝරා මෙම තරගාවලිය ලබන වසරේදී ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා පවසයි. ජාතික සංචිතයට ක්‍රිඩකයන් තෝරා ගැනීම මෙම තරගාවලිය පැවැත්වීමේ අරමුණයි. මේ අතර දේශීය පාපන්දු තරගාවලිද ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කිරිමට කමිටු රැස්වීමේදී තීරණය කළ බව හෙතෙම පැවසීය. මේ අනුව එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලිය සහ චැම්පියන්ස් ලීග් තරගාවලිය ඔක්තෝබර් මාසයේදීත් සුපර්ලීග් තරගාවලිය නොවැම්බර් මාසයේදීත් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන කමිටු රැස්වීමකදී තීරණය වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11