නකල්ස් අවට පරිසරය ආරක්‍ෂා කර ගැනීමට බලධාරින්ගේ අවධානය

Share Button

නකල්ස් අවට පරිසරය ආරක්‍ෂා කර ගැනීමට බලධාරින්ගේ අවධානය යොමු වියයුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් කරුණාසිරි පෙරේරා මහතා පවසයි. මාතලේ නකල්ස් රක්‍ෂිතය යාබද බඹරගල වන රක්‍ෂිතයේ වසර 200 කට වඩා පැරණී විශාල ප්‍රමාණයේ ගස් 09 ක් කිසියම් පිරිසක් අනවසරයෙන් කපාගෙන ගොස් ඇතැයි ඔහු සදහන් කරයි. මෙම විනාශය පිළිබඳව තමන් වෙත කිසිවෙකු දැනුම් නොදුන් බවත් රත්තොට. පොලිසිය ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන නොතිබු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි. මේ සම්බන්ධයෙන් රත්තොට ප්‍රාදේශීය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා සදහන් කලේ සිදුකළ පරීක්‍ෂණවලදී මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි. ඔවුන්ට එරෙහිව පොදු දේපොල පනත යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11