2020 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල නිර්මාණ භාර ගැනීම දිර්ඝ කෙරේ

Share Button

2020 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල හා 2020 රාජ්‍ය චිත්‍ර මුර්ති උළෙල සදහා නිර්මාණ භාර ගැනීම අගෝස්තු මස 15 වැනිදා දක්වා දිර්ඝ කෙරේ. සියලු අයදුම්කරුවන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අයදුම්පත නිසිපරිදි සම්පුර්ණ කර එදිනට පෙර 2020 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සදහා වු නිර්මාණ ජාතික කලාභවන කොළඹ 07 යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය යුතුය. 2020 රාජ්‍ය චිත්‍ර මුර්ති උළෙල සදහා නිර්මාණ දෘෂ්‍ය කලා අනුමණ්ඩලය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 08 වන මහල සෙත්සිරිපාය බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතුය. ඒ සදහා අයදුම්පත් එම දෙපාර්තමේන්තුවෙන් හෝ එහි වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. මීට අමතරව දිවයිනපුරා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සංස්කෘතික නිලධාරින්ගෙන් ද අයදුම්පත් ලබාගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11