නිල ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම ලබන මස 11 12 සහ 13 දිනවලදී

Share Button

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට භාරදීම අද ආරම්භ විය. හෙට සහ අනිද්දා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට භාරදීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මහ මැතිවරණය අගෝස්තු මස 5 වැනිදා පැවැත්වේ. තැපැල් ඡන්දය සදහා ඉල්ලුම් කර තිබු සංඛ්‍යාව හත්ලක්ෂ 53 න් දහස් 37 කි. ඉන් 7 ලක්ෂ පන්දහස් 85 දෙනෙකු ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා සිටී. තැපැල් ඡන්ද අයදුම්පත් 47 දහස් 430 ක් ප්‍රතික්ෂේප වී ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල පොලීසිය ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල සේවකයින් හැර අනිකුත් තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 14 සහ 15 දිනවලදී සිදු වෙයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල පොලීසිය ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල සේවකයින් තැපැල් ඡන්දය භාවිත කරන්නේ ලබන මස 16 සහ 17 දිනවලයි. එම දිනවල තැපැල් ඡන්ද භාවිත නොකරන අයට ජුලි මස 20 සහ 21 දිනවල තැපැල් ඡන්දය සලකුණු කළ හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11