අවසන් ඡන්ද ප්‍රතිපලය අගෝස්තු හය රාත්‍රී අටට

Share Button

මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිපලය අගෝස්තු හය වනදා රාත්‍රී අටට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පලමු ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 6 වනදා පස්වරු 4 ට පෙර නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු කියයි. මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගනන් කිරීමේ කටයුතු අගෝස්තු මස 6 වනදා පෙරවරු 08 ට ඇරඹේ. සෞඛ්‍ය නිති රිති නිසි ආකාරයෙන් අනුගමනය කරමින් අදාල කටයුතු සිදු කෙරේ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් දේශප්‍රිය මහතා මෙම අදහස් පල කළේය. ඡන්දය භාවිතා කරන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීම සදහා විශේෂ රැස්වීමක් අද පස්වරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වේ. කොරෝනා බලපෑම හේතුවෙන් ඡන්දය භාවිතා කිරීමේ කාලසීමාව පස්වරු 5 දක්වා පැයකින් දීර්ඝ කිරීමට මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇත.
මේ අතර මහ මැතිවරණය සදහා වන නිල ඡන්ද පත්‍රිකා ජූලි මස 11 12 සහ 13 දිනවලදී තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. ඡන්ද කාඩ්පත් බෙදා හැරීම ජූලි 29 වනදා අවසන් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11