බල ශක්ති උත්පාදනයට “ එන්ටර් ප්‍රයිස් ශ්‍රි ලංකා“ යටතේ ණය යෝජනා ක්‍රමයක්

Share Button

“ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන යටතේ නිවාස හා වාණිජ මට්ටමේ ව්‍යාපාරික ගොඩනැගිලි  හා කර්මාන්තශාලා මත සවි කරන සූර්ය බල ශක්ති පද්ධති සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

සෑම නිවසකම, ව්‍යාපාරික ගොඩනැගිල්ලකම හෝ  කර්මාන්ත ශාලාවක හෝ වහල මත සූර්යබල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම තුළින් වසර 2020 වන විට මෙගා වොට් 200 ක් හා 2015 වන විට මෙගාවොට් 1,000 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරමින් රජයේ සූර්ය බල සංග්‍රාම වැඩසටහනට සහය වීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි.

ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 8,000 ක ( අමෙරිකානු ඩොලර් මිලියන 50 ) පමණ මුදලක් මේ සඳහා ලබා දීමට එකඟතාව පළ කර තිබේ. පළමු අදියරේ කාර්ය සාධනය සලකා බලා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට ද ආසියානු සංවර්ධන බැංකුව සිය කැමැත්ත පළ කොට තිබේ.

තමන් ජනනය කරන විදුලිය විදුලි බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශුද්ධ මනුකරණය ( Net Metering ) ශුද්ධ ගිණුම්කරණය (Net Accounting)  හා නෙට් ප්ලස් (Net Plus )  යන ගෙවීම් යටතේ ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමෙන් අතිරේක ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව තිබේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ 81% ක වාර්ෂික පොලී අනුපාතයකට යටත්ව නිවාස මත ඉදි කරනු ලබන සූර්ය බල ශක්ති පද්ධති සඳහා රුපියල් මිලියන 7.5 ක උපරිම ණය මුදලක් හිමිවේ. එමෙන්ම කර්මාන්තශාලාවල වහල මත ඉදිකරන සූර්ය බල ශක්ති පද්ධති සඳහා උපරිම ණය සීමාවක් නොමැතිව ණය ලබාගත හැකිය. ණය ආපසු ගෙවීමේ උපරිම කාලය වසර 10 කි.

වඩාත් ගුණාත්මක සේවාවක් සඳහා මෙන්ම උසස් සූර්ය බල ශක්ති පද්ධති සවි කිරීම තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් සූර්ය බල ශක්ති පද්ධති මිලදී ගන්නා පාර්ශවයන් සඳහා පමණක් මෙම ණය මුදල ලබා දීමට පියවර ගෙන තිබේ. අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය,ලංකා විදුලි සමාගම හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය කටයුතු කරයි.

ඉදිරියේ දී රාජ්‍ය හා පෞද්ගලික බැංකු මඟින් මෙම ණය ලබා දීමට නියමිතය.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *