කඩා වැටුණු මූල්‍ය ආයතනවල බර ජනතාවට ලබා නොදි එහි වගකිම ආණ්ඩුව භාරගෙන ඇතැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි

Share Button

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලා සිටින්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරිමට යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබි ඇත. එබැවින් ජනාධීපතිතුමාට අවශ්‍ය ශක්තිය ලබාදිමට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වේ. වර්තමානයේ පවතින ලෝක ආර්ථීක අර්බුද හමුවේ වුවද රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමට ජනාධීපතිතුමා පියවර ගෙන තිබෙ.් ජාතික ආරක්ෂාව සහතික කිරිමත් සමග අනෙකුත් ආයෝජන ව්‍යාපෘති ද සාර්ථක වනු ඇත. විපක්ෂය වේදිකාවල විවිධ පොරොන්දු ලබාදුන්නත් ඔවුන්ට නිසි වැඩපිළිවෙලක් නොමැත. බෙදුණු විපක්ෂයකට ජයග්‍රහණය කළ නොහැක. කඩාවැටුණු මූල්‍ය ආයතනවල බර ජනතාවට ලබා නොදි ආණ්ඩුව භාරගෙන ඇතැයි ද ඔහු කිවේය.

එම් සී සී ගිවිසුම පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර තිබියදිත් විපක්ෂය ජනතාව නොමග යවමින් ක්‍රියා කරන බව මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදි කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11