ඊ ටී අයි තැන්පත්කරුවන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම යලි කැදවිම සැප්තැම්බර් 25 වැනිදා

Share Button

අහිමි වූ සිය තැන්පතු මුදල් ආපසු ගෙවන ලෙස ශ්‍රි ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊටීඅයි තැන්පත්කරුවන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 25 වැනිදා යලි කැදවිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබිණි. එහිදි ශ්‍රි ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අංශය අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඊ ටී අයි සමාගමේ කටයුතු අත්හිටුවිම සදහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලිමක් කළේය. එහෙත් ශ්‍රි ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ මෙම මෝසම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු නියෝගයක් නොකළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අදාල ඉල්ලිමට විරෝධතාව පළ කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11