තෝරාගත් නඩු වෙනුවෙන් යහපාලන රජයේ දේශපාලනඥයන් නිතිපති දෙපාර්තමේන්තුවට බලපෑම්

Share Button

ඇවන්ගාඩ් සිද්ධියට සාක්ෂි පවතින්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත් අඩංගුවට ගන්නා ලෙස යහපාලන රජය සමයේදි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තමාට පැවසු බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් පසු ඉන් පිටතදි හිටපු අමාත්‍යවරයා මේ පිළිබඳව පැවසු බව ගම්ලත් මහතා පැවසුවේ පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනිම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනිම සදහා වන ජනාධිපති කොමිසම හමුවේ අද පස්වරුවේ සාක්ෂි ලබාදෙමිනි. ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සාක්ෂි විභාගය පැවැත්වෙ.් එහිදි හිටපු සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ පසුගිය රජය සමයේ අවස්ථා රැසකදි රාජ්‍ය නිලධාරින් අරලියගහ මන්දිරයට කැදවා විභාග වන නඩු සම්බන්ධයෙන් කරුණු විමසු බවයි. එම සම්ප්‍රදාය කිසිසේත් උචිත නොවන බව පැවසු ඔහු විශේෂයෙන් නිතිපති දෙපාර්තමේන්ත්ුවේ නිලධාරින් දේශපාලනඥයින් හමුවට කැදවා විභාග වන නඩු සම්බන්ධයෙන් කරුණු විමසිම නොවිය යුතු බව පෙන්වා දුන්නේය. එහෙත් පසුගිය රජය සමයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් එවැනි රැස්විම් ගණනාවක් පැවති බව ද ඔහු කිවේය  මහාධිකරණ විනිසුරුවරයෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමින් සිටියදි නිතිඥ උපුල් ජයසුරිය මහතා දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා පැමිණෙන තෙක් බලා සිටින බවයි. ඒ අනුව අදාල ස්ථානයට ගියවිට දක්නට ලැබුණේ විශාල රැස්විමක් බවත් එහිදි ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තමාගෙන් කරුණු විමසු බවයි. එම අවස්ථාවේදි හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතා ඔහු වාඩිවී සිටි ස්ථානයේ මේසයට ගසමින් කියා සිටියේ ඇවන්ගාඩ් සිද්ධියට අදාල පුද්ගලයෙකුට රට යාමට නිලධාරියෙකු උදව් කර ඇති බවයි. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් නිතිපතිවරයා ද තමාව දැනුවත් කළ බව පැවසු ගම්ලත් මහතා අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද එම රැස්විමේ සිටි බව කිවේය.
එමෙන්ම ආරක්ෂක අංශ නිලධාරින් ප්‍රධානින් අල්ලස් කොමිසම ඇතුඵ ආයතන නිලධාරින්ද එම සාකච්ඡාවල සිටි බව ඔහු කිවේය. මේ ආකාරයෙන් දේශපාලනඥයින් ඉදිරියේ නිතිපති දෙපාර්තමේන්ත්ුවේ නිල්ධාරින්ගෙන් නඩු පිළිබඳ විමසිමේ ක්‍රියාදාමය වැරදි සහගත බවද ගම්ලත් මහතා පෙන්වා දුන්නේය. ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් මත කිහිපයක් පැවති අතර ඒ සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ අදහස වුයේ එය නඩුවක් දක්වා ගෙනයාමට හැකියාවක් නොමැති බවයි. මේ අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයා පිටත්ව යාම නිමිත්තෙන් පැවති සංග්‍රහයකින් පසු හිටපු ඇමති රවි කරුණානායක මහතාද නඩු ව පිළිබඳව අදහස් විමසු අතර තමා එම අවස්ථාවේ එවැනි විමසිමක් කිරිම සුදුසු නොවන බවද පැවසිය. එහිදි හිටපු අමාත්‍යවරයා නොරිස්සුම් ස්වරූපයක් දැක් වු බවත් පසුව ඔහු පාර්ලිමේනත්ුවේ දී තමාට බැන වැදුනු බවත් ගම්ලත් මහතා කිවේය. කොමිසම අද රැස්වූයේ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රදානත්වයෙනි. හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරු කොමිසමේ සාමාජිකයෝ වෙති. අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසුරිය මහතා නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් ඉදිරිපත් කළ මුලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොමිසමේ සභාපතිවරයා මුලික සාක්ෂි විමසිම් ඉදිරියට පවත්වාගෙන යාමට නියෝග කළේය. මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පෙරවරුවේ කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාද ී තිබෙ.් පෙරවරු 9.20 ට පමණ එහි පැමිණි ඔහු පෙරවරු 11.00 පමණ තෙක් එම ප්‍රකාශය ලබාදුන් බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසිය. ජුලි 16 වැනිදා යලි සාක්ෂිම විමසිම පැවැත්වේ. 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් ් වූ කාලසිමාවේ රාජ්‍ය නිලධාරින් සංස්ථා සේවකයන් හමුදා සහ පොලිස් සාමාජිකයන්ට සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනිම් පරීක්ෂා කිරිම සදහා මෙම කොමිසම පත් කර තිබෙ.

පාස්කු ප්‍රහාරය එල්ල වන තුරු රාජ්‍ය බුද්ධි සේවය එම ප්‍රහාරය පිළිබඳව ජනාධීපති ආරක්ෂක කොට්ඨාසයට කිසිදු දැනුවත් කිරිමක් සිදු කර නැතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා පවසයි. මෙවැනි ප්‍රබල ප්‍රහාරයක් පිළිබඳව ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා ලෙස තමා නොදැනුවත් ව සිටිම කණගාටුදායක තත්ත්වයක් බව ඔහු කියා සිටි. එය ජනාධීපතිවරයාටද අනතුරක් ඇති කරන තත්ත්වයකි පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධීපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විවෘත සාක්ෂි ලබාදිමට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. ප්‍රහාරය තමන් දැනගත් විගස ජනාධීපතිතුමාව දුරකථනය ඔස්සේ දැනුවත් කළ බව ද ඔහු කිවේය. හම්බන්තොට ප්‍රදේශයේ සහරාන්ගේ පුහුණු පාසලක් තිබි ඇත. එහි තවුහිද් ජමාත් සංවිධානයට අයත් පිරිස් පුහුණුව ලබා තිබෙ.් එමෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල තව්හිද් ජමාත් සාමාජිකයන් සිටි බව අනාවරණය වී ඇතැයි ඔහු කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11