ලංකා බැංකුව චීන සංවර්ධන බැංකුව සමග ණය ගිවිසුමක්

Share Button

ලංකා බැංකුව චීන සංවර්ධන බැංකුව සමග ණය ගිවිසුමකට අත්සන් තබයි. ලංකා බැංකුව චීන සංවර්ධන බැංකුව සමග ඇතිකරගෙන තිබෙන ඩොලර් මිලියන 140 ක දිගුකාලීන ණය මුදලේ ඩොලර් මිලියන 70 ක් වූ පලමු අදියර සදහා අද මෙසේ ගිවිසුම් ගතවිය. එම උත්සවය ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ පැවැත්විණි. මෙහි දෙවන අදියර සදහා ලැබෙන ඩොලර් මිලියන 70 සදහා මේ වසර අවසානයේදි ගිවිසුම් අත්සන් කෙරේ. කෝවිඩ් තත්ත්වය හේතුවෙන් ගිවිසුම අත්සන් තැබුණේ අන්තර්ජාල තාක්ෂණය උපයෝගි කර ගනිමිනි මෙම ණය මුදල කෝවිඩ් ව්‍යවසනය හේතුවෙන් අවදානමට ලක් වු ව්‍යාපාර සදහා මූල්‍ය අවශ්‍යතා සපිරිමට යොදා ගැනිම ලංකා බැංකුවේ අපේක්ෂාවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11