මෙම මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියා කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රසාදය

Share Button

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ජාතික හැදුනුම්පත   වලංගු රියැදුරු බලපත්‍රය  වලංගු ගමන් බලපත්‍රය  සහ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැදුනුම්පත පිළිගන්නා බව මැතිවරණ කොමිසම සදහන් කරයි  වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිදු අයෙකුට තැපෑලෙන් ඡන්දය දිය නොහැක  මෙම හැදුනුම්පත් හෝ ජාතික හැදුනුම්පත් අංකය සදහන් රාජකාරි හැදුනුම්පත හෝ නොමැති කිසිවෙකුට තම අනන්‍යතාව සනාථ කළ නොහැකි බැවින් ඡන්ද දායකයෙකු ලෙස සලකා ක්‍රියා නොකළ යුතු යැයි කොමිසම කියා සිටි  යම් අයෙකු රාජකාරි හැදුනුම්පත ඉදිරිපත් කරන්නේ නම එම තැපැල් ඡන්ද දායකයා හදුනාගැනිමට සහතික කිරිමේ නිලධාරී කාර්යාලවල කටයුතු අධික්ෂණයට පත් කර ඇති නිලධාරියා එහි අනන්‍යතාව පරීක්ෂා කළ යුතුය  එසේ නොවන අවස්ථාවලදි තැපැල් ඡන්දය භාවිතා කිරිමට ඉඩ ලබා නොදිය යුතු බව කොමිසම සදහන් කරයි
මේ අතර මෙම මැතිවරණ සමයේ ජාතික ගුවන් විදුලිය ඇතුඵ රාජ්‍ය මාධ්‍ය මේ දක්වා ගැටඵකාරී තත්ත්වයකින් තොරව සිය මාධ්‍ය කටයුතු මෙහෙයවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය  ඒ සම්බන්ධයෙන් ඔහු එම මාධ්‍යවලට ස්තුතිය පළ කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11