ඉඩම් ලියාපදිංචියේදී සිදු වන වංචා නතර කිරීමට ජනපතිගෙන් කඩිනම් වැඩපිළිවෙලක්

Share Button

ඉඩම් ලියාපදිංචියේ දී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඊ ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි  වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටඵ රැසකට මුහුණදී සිටිති  ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව  ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය   මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම විද්‍යුත් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ  මේ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළේය  ඉඩම් ලියාපදිංචියේදී ඒ ආශ්‍රිත ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව අවධාරණය කෙරුණි මෙම ක්‍රමය යටතේ ඔප්පුව   පත්ඉරුව   පරිගණක ගත කෙරේ  පත්ඉරු ලබා ගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්   නීතිඥයින්ට   කොමසාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට මාර්ගගත ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් මෙයින් අවස්ථාව සැලසේ  ශ්‍රීි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමග එක්ව අගෝස්තු මාසය වන විට වැඩසටහන ජනගත කිරීම අපේක්ෂාවයි මෙලෙස ඊ-ඉඩම් යටතේ ලියාපදිංචි කෙරෙන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික පාස් පොතක් නිකුත් කිරීමට ද සැලසුම් කර ඇත  ඒකාබද්ධ කමිටුවක් ස්ථාපනය කර වැඩසටහන කඩිනම් කරන්නැයි වනජීවි   වනසංරක්ෂණ හා පරිසර අමාත්‍යංශවලට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11