බන්ධනාගාරගතව සිටින පකිස්ථානයේ හිටපු අගමැතිවරයා වකුගඩු ආබාධයකින් පෙලීම නිසා වහාම රෝහල් ගතකරන ලෙස වෛද්‍ය උපදෙස්

Share Button

බන්ධනාගාරගතව සිටින පකිස්ථානයේ හිටපු අගමැති නවාෂ් ෂරීෆ් මහතා වකුගඩු ආබාධයකින් පෙලෙන බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබේ. මේ හේතුවෙන් ඔහු වහාම රෝහල් ගතකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දි ඇත. වෛෙද්‍ය කණ්ඩායමක් ඔහු රදවා සිටින බන්ධනාගාරය වෙත ගොස් සිදුකළ වෛද්‍ය පරික්ෂණ වලින් පසු මෙම උපදෙස් නිකුත්කර තිබේ. සිය ධුර කාලයේ දී වංචා සහ දුෂණ කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු නවාෂ් ෂරීෆ් මහතාට එරට අධිකරණයක් මගින් වසර 10 ක සිරදඩුවමක් නියම විය. ඒ අනුව ඔහු මේ වන විට රාවල්පින්ඩි හි ඇඩියාලා බන්ධනාගාරයේ රදවනු ලැබ සිටිී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *