ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1423 දක්වා ඉහළට

Share Button

ඉටුකම කෝවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1423 දක්වා ඉහළ යයි. පාර්ශව ගනනාවක් ඊයේ දිනයේදි ද මේ සඳහා පරිත්‍යාග ලබාදුන් අතර ඒවාට අදාල චෙක්පත් අගමැති මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරු ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමුහ. ඒ අනුව අරමුදලේ ශේෂය එකසිය හතලිස් දෙකෝටි තිස්හතර ලක්ෂ විසිඑක්දහස් හතලිස් පහක් බවට පත්වී තිබේ.
මේ අතර කොරෝනා හඳුනාගැනිමේ කටයුතු වේගවත් කිරීමට මුඑමනින්ම ස්වයංක්‍රිය පිී සී ආර් යන්ත්‍රයක් අන්තර් ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කලේය. එහි වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුවත් කිරීම ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවු අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා රොටරි සමාජයේ නියෝජිතයින්ට ස්තූතිය පලකලේය.රොටරි සමාජයේ ශ්‍රි ලංකාවේ සහ මාලදිවයිනේ අධිපති සෙබස්තියන් කරුණාකරන් මහතා ඇතුඑ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *