විදේශිය ආයෝජකයන්ට අවස්ථාව ලබාදෙමින් රටේ ආර්ථිකය රැකගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි

Share Button

විදේශිය ආයෝජකයන්ට අවස්ථාව ලබාදෙන අතර රටේ ආර්ථිකය රැකගැනිමට ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි. සමාජවාදී ජනතා පෙරමුණේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ විදේශ ආයෝජන කැඳවිය යුත්තේ නිශ්චිත කාලසීමක් යටතේ නිහ්චිත අරමුණක් වෙනුවෙන් බවයි.

රටේ සම්පත් සහ පිහිටීම යොදා ගනිමින් තාක්ෂණය සමග විශාල අගයක් ආර්ථිකයට එකතු කිරීමට ආයෝජකයන් සම්බන්ධ කරගැනිමේ අවශ්‍යතාව මතුවී තිබේ. ඒ සඳහා අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන ඉහළ නංවමින් දේශිය සම්පත් රැකගනිමින් ආර්ථිකය වැඩිදියුණු කල යුතු බව හෙතෙම කීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *