පුවක් සහ දුම්කොල භාවිතය මුඛ හා ගෙල ආශ්‍රිත පිළිකාවලට ප්‍රධාන හේතුව බව වෛද්‍යවරු පෙන්වා දෙති

Share Button

මෙරට ජනතාවට වැළදෙන පිළිකා අතුරින් මුඛ හා ගෙල ආශ්‍රීත පිළිකා පළමු ස්ථානයට පත්ව ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දන්ත සේවා පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඉදිරි වසර 5 තුල මෙම තත්ත්වය පහළ මට්ටමට ගෙන ආ යුතුය. මුඛ පිළිකා මුල් අවදියේ හඳුනාගැනිමෙන් ප්‍රතිකාර කර සුවකල හැකි බව හෙතෙම කියයි.

පුවක් සහ දුම්කොල භාවිතය මුඛ හා ගෙල ආශ්‍රිත පිළිකාවටල ප්‍රධාන හේතුව වේ. මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වසරකට රුපියල් මිලියන දහතුන්දහසකට අධික මුදලක් වැය වන බව වෛද්‍ය ගජනායක මහතා පැවසිය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත පීඨයේ මහාචාර්ය රුවන් ජයසිංහ මහතා එහිදි ප්‍රකාශ කලේ මුඛ පිළිකා ඇතිවිමට පෙර පුර්ව මුඛ පිළිකා තත්ත්වයක් වන සුදු හා රතු ලප මුඛය තුල දැකිය හැකි බවයි. ඊට වහාම ප්‍රතිකාර ගැනිමෙන් මුඛ පිළිකා සුවකර ගතහැකි බව හෙතෙම පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය අදහස් දක්වමින් මුඛ පිළිකා හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් තුන්දෙනෙකු මිය යන බව පැවසුවාය. දිනකට මෙවැනි රෝගීන් හයදෙනෙකු වාර්තා වේ. එලෙස වාර්තා වන රෝගීන්ගෙන් සියයට 70 ක් කල්ගිය රෝග ලක්ෂණ සහිත රෝගීන් බව ඇය කීවාය.

මසකට වරක් හෝ කණනාඩියක් ඉදිරියට ගොස් මුඑ මුඛයම පරික්ෂා කිරීමෙන් සුදු හා රතු වැනි පුර්ව පිළිකා ලක්ෂණ හඳුනා ගතහැකි බව මෙම අවස්ථාවට එක්වු පිළිකා මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පැවසීය. දැහැත්විට පිළිගැන්විමේදි දුම්කොල හා පුවත් භාවිත නොකරන ලෙස පිළිකා මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා ඉල්ලීමක් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *