රට සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමේ හොදම මාර්ගය ගොවි ජනතාව සහ ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැගිම බව ජනාධිපතිතුමා පවසයි.

Share Button

21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය වශයෙන් හැඳින්වෙන මොරගහකන්ද. කඵඟග මහා ජලාශ ව්‍යාපෘතියේ කඵඟග ජලාශය සදහා මංගල දියවර නිකුත් කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුවිය එහිදි අදහස් දැක් වු ජනාධිපතිතුමා දූෂණයෙන් හා වංචාවෙන් තොරව රටේ සංවර්ධනය කිරිමට මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට තිබෙන හොදම මාර්ගය රටේ ගොවි ජනතාව සහ ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැගිම බව පෙන්වා දුන්නේය. එමෙන්ම රටේ අනාගතය රැදි පවතින්නේද කෘෂි කර්මාන්තය මත බව ද එතුමා සදහන් කළේය .

මොරගහකන්ද කඵඟග ව්‍යාපෘතියේ ඉදිකිරිම් සම්බන්ධයෙන් දුෂණ ් වංචා සිදුවුවහොත් හෝ ප්‍රමිතියෙහි අඩුවක් සිදුවුවහොත් ඒ පිළිබඳව තමාට පෞද්ගලිකව දැනුම් දෙන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය. එම පැමිණිලි ලබාගැනිමට විශේෂ ඒකකයක් විවෘත කෙරේ. දූෂණ හෝ වංචා වලට සම්බන්ධ වන ඕනෑම අයෙකුට එරෙහිව තමන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිතුමා පැවසිය.

වත්මන් රජය බලයට පත්විමෙන් පසු රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරිණි. පුද්ගල නිදහස තහවුරු කරමින් මාධ්‍ය නිදහස තහවුරු කිරිමටද ක්‍රියා කළේය. නමුත් වර්තමානයේ මාධ්‍ය එම නිදහස උපයෝග කර ගන්නේ නිවැරදි දේ කතා කිරිමට නොව දේශපාලන ගැටුම් සහ අශිලාචාර දේ ප්‍රචාරය කිරිමටයි ලබා දුන් එම නිදහස අහිමි කර ගනිමින් පසුතැවිල්ලට පත් නොවන්නැයි ජනාධිපතිතුමා මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *