විදේශ තරුණියකට අතවර කළ බව කියන සිද්ධියේ ක්‍රිකට් ක්‍රිඩකයාගේ මිතුරා 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Share Button

නෝර්වේ රාජ්‍යයේ විදේශ තරුණියන්ට අතවර කල බව කියන සිද්ධියකට අදාලව කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයාගේ මිතුරා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කලාය. එසේ බන්ධනාගාරගත කෙරුනේ සංදිප් ජූඩ් සෙල්ලයියා නමැති එංගලන්තයේ පදිංචි පුද්ගලයෙකි. ඉදිරි දිනකදී සැකකරු හඳුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කෙරේ. නෝර්වේ ජාතික රෙජ් බර්ගර්. බැකන් ෆීල් යන අය සිදුකල පැමිණිල්ලකට අනුව කල විමර්ශනයෙන් පසු කොල්ලුපිටිය පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත අන්තර්ජාල මුහුණුපොත හරහා මෙම විදේශ තරුණියන් දෙදෙනා හඳුනාගෙන තිබේ. අනතුරුව ක්‍රිකට් ක්‍රිඩකයන් නැවතී සිටි කොල්ලුපිටියේ පිහිටි හෝටලයට එම තරුණියන් ගෙන්වා ගෙන නවාතැන්දි ඇත. සැකකරු බලහත්කාරයෙන් තමන්ව දුෂණය කළ බව ඇය පැමිණිලි කර තිබේ. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනය කොට කරුණු ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය කොල්ලුපිටිය පොලිසියට නියෝග කලාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11