වසර 2020 දී ශ්රි ලංකාවෙන් විදුලි ත්රිරෝද රථ
වසර 2020 මැද භාගය වන විට මෙරට නිෂ්පාදිත විදුලි ත්රිරෝද රථ වෙළඳපලට එක්කරන බව ඇමති මංගල සමරවිර මහතා කියයි. එමෙන්ම ඒවා ජපානය වැනි රටවලට අපනයනය කිරීමට ද සැලසුම්කර ඇත. නව ප්රතිපත්තියක් යටතේ මෙම කර්මාන්තය ස්ථාපිත කෙරේ. රටේ ආර්ථික වර්ධනය සඳහා ත්රිරෝද රථ ද විශේෂ වු දායකත්වයක් ලබා දෙයි. එම නිසා එම කර්මාන්තයේ නියැලී සිටින්නන් බලගැන්විම රජයේ අපේක්ෂාවයි. විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා විධිමත්වු වැඩසටහනක් යටතේ ත්රිරෝද රථ යොදා ගැනිම බලාපොරොත්තුව වේ.