කෝටි ගනනක විදේශ මුදල් සමග කටුනායකදී දෙදෙනෙකු අත්අඩංගුවට

Share Button

චීනයේ ෂැන්හයි වෙත යාමට කටුනායකට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකුගේ ගමන් මඑවල තිබී විදේශ මුදල් රුපියල් එක්කෝටි හැත්තැඅට ලක්ෂ අනූතුන්දහසකට වැඩි මුදලක් සහ මෙරට මුදල් රුපියල් හැටතුන්දහසකට වැඩි මුදලක් ගුවන් තොටුපල රේගු නිලධාරිහු අද සිය භාරයට ගත්හ. විදේශ මුදල් අතර ඩොලර්. ඉන්දියානු රුපියල් සහ තවත් රටවල් කිහිපයක මුදල් විය ගුවන් තොටුපල ආරක්ෂක අංශ රේගු නිලධාරින් කළ ස්කැන් පරික්ෂණයේදී රටින් පිටකිරිමට තැත්කල මඑවල මුදල් ඇති බව හඳනාගෙන මගීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මොවුහු අකුරණ හා පාමංකඩ පදිංචි පුද්ගලයෝ වෙති. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11