මංගල උත්සව සදහා සහභාගී විය හැකි පිරිස 300 දක්වා වැඩි කිරීමට අවසර

Share Button

මංගල උත්සව සදහා සහභාගී විය හැකි පිරිස 300 දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය අංශ අවසර ලබාදී තිබේ. උත්සව ශාලාවේ ධාරිතාවය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකල යුතුය. දැනුම්දී ඇති සෞඛ්‍ය නිර්දේශ උපරිමයෙන් ආරක්ෂා කිරීම අනිවාර්ය වේ. පුද්ගල දුරස්ථභාවයද මෙහිදී අනුගමනය කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව ආසන ධාරිතාවයෙන් සියයට පනහක පිරිසක් හෝ උපරිම සහභාගී වන පිරිස 300 දක්වා වැඩි කිරීමට අවසර ලැබී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *