ලොව කොරෝන් ආසාදියන් එක් කෝටි දාහත් ලක්ෂය ඉක්මවයි

Share Button

මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 1 කෝටි 17 ලක්ෂ 12 දහස් 863 කි. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 30 ලක්ෂ 28 දහස් 642 කි. බ්‍රසීලයෙන් ආසාදිතයින් 16 ලක්ෂ 23 දහස් 284 ක්ද ඉන්දියාවෙන් ආසාදිතයින් 7 ලක්ෂ 20 දහස් 346 ක්ද රුසියාවෙන් ආසාදිතයින් 6 ලක්ෂ 87 දහස් 862 ක්ද වාර්තා වේ. ඉන්දියාව මේ වන විට කොරෝනා ආසාදිත ලැයිස්තුවේ 3 වන ස්ථානයට පැමිණ ඇත. එරට ආර්ථිකයටද කොරෝනා ව්‍යප්තිය දැඩිව බලපා තිබේ. මේ වන විට වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 5 ලක්ෂ 39 දහස් 768 කි. ඇමරිකාවෙන් කොරෝනා මරණ 1 ලක්ෂ තිස් දෙදහස් 850 ක්ද බ්‍රසීලයෙන් කොරෝනා මරණ 65 දහස් 487 ක්ද බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 44 දහස් 236 ක්ද වාර්තා වේ. ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 34 දහස් 869 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *