රැකියා අවස්ථා සුලබ කෙරෙන නව සංවර්ධන සැලැස්මක්

Share Button

රැකියා අවස්ථා සුලබ කෙරෙන නව සංවර්ධන සැලැස්මක් උදෙසා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව එක්ව කටයුතු කරන නව යුගයක් බිහි කිරීමේ කාලය එළැඹ ඇතැයි ශ්‍රිි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ සදහා ශ්‍රීී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරවීමට කටයුතු කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. හිරියාල ආසනයේ කුරුණෑගල වැව රවුමේ පැවති ජන හමුවකට අද පෙරවරුවේ එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම කළේය. ඇතැම් පිරිස් සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කිරීමේ දී විවිධාකාරයෙන් විරුද්ධ වෙති. ඔවුන්ගෙන් ප්‍රවේශම් වි දිනූ සංවර්ධනය සහ දිනා ගත යුතු සංවර්ධනය කරා රට ගෙන යාම තමාගේත් තම පෙරමුණේත් නියත අපේක්ෂාව බව රාජපක්ෂ මහතා පැවසීය. පාසල් හා රෝහල්වලට අවශ්‍ය පහසුකම් සැලසීම මහාමාර්ග සංවර්ධනය කෘෂි සහ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් වාරි කර්මාන්ත අලුතින් බිහි කිරීම ඇතුඵ් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් දැනටමත් සැලසුම් කර තිබේ. ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන බව අගමැතිවරයා පැවසීය. මෙරට සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ද පියවර ගෙන තිබෙ. ඒ යටතේ කුරුණෑගල සහ දඹුල්ල සංචාරක පුරවරයක් බවට පත් කරන බව රාජපක්ෂ මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *