අමෙරිකාවේදී ද නිව්ස්පේපර් චිත්‍රපටය විශේෂ ඇගයුම් සම්මානයට
ද නිව්ස්පේපර් චිත්‍රපටය අමෙරිකාවේ කැලිෆෝනියාහි ද ඉන්ඩිෆෙස්ට් ෆිල්ම් සම්මාන උළෙලේදී විශේෂ ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබයි. එම සම්මාන සහතිකය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ පිළිගන්වනු ලැබිය. චිත්‍රපටයේ සම අධ්යක්ෂවරුන් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන මහත්වරු එය පිළිගැන්වුහ. අමාත්‍ය බන්දුල ගුනවර්ධන රවින්ද්‍ර ගුරුගේ සහ එච් ඩී ප්‍රේමසිරි යන මහත්වරු මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකයෝ වෙති.