මව්කිරි වෙනුවට පිටිකිරි නිර්දේශ නොකරන්නේ ඇයි- විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම

Share Button

ලෝකය පුරා මිලියන 815 ක පමණ දරුවන් ප්‍රමාණයක් ආහාර සුරක්ෂිතභාවය නොමැතිකම හේතුවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් මව්කිරි දීම දරුවාගේ ආහාර සුරක්ෂිතභාවයට ඉවහල් වන අතරම තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඉවහල් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිරන්‍යා ජයවික්‍රම මහත්මිය පවසයි.

ජාතික මව්කිරි දීමේ සතිය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු නිර්දේශයන් කරනු ලබන්නේ විද්‍යාත්මක සාධක මත පදනම් වෙමිනි. මව්කිරි සඳහා ආදේශකයක් ලෙස පිටිකිරි ලබා දීම නිර්දේශ නොකරන්නේ එම ද්‍රව්‍යයන් සඳහා විද්‍යාත්මක පදනමක් නොමැති නිසා බවද  වෛද්‍යවරිය පෙන්වා දෙයි.

මව්කිරි ජීවී සෛල සහිත දරුවාගෙන් ,දරුවාට අවශ්‍ය පරිදි මෙන්ම පරිසර සාධකයන්ට අනුව එහි පවතින සංඝටකයන් වෙනස් වීමට භාජනය වේ. එහි දී සත්ව විශේෂයකට අයත් දියර කිරි ප්‍රයෝජනයට ගනිමින් විවිධ සංඝටකයන් කෘත්‍රීම ආකාරයෙන් එක් කරමින් නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි වලින් මව්කිරට සමානත්වය බලාපොරොත්තු නොවිය හැකි බව වෛද්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *