නිපුණතා සංවර්ධනයෙන් හරිත රැකියා හා හරිත ආර්ථිකයක් කරා ගමන් කරනවා -අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

Share Button

හරිත ආර්ථිකයක් සහ හරිත රැකියා උත්පාදනයක් සඳහා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයට නව හඳුන්වාදීම් රැසක් සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ලෝක තරුණ නිපුණතා දින සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ජාතික මට්ටමින් තරුණ කුසලතා ඉහළ නැංවීම සඳහා රජය ව්‍යාපාරික ප්‍රජාව වෘත්තිය අධ්‍යාපන ආයතන එකම තලයකට ගෙන ආ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළ කරුණකි.

රජයක වගකීම වන්නේ වෘත්තිය අධ්‍යාපනය සහ පුහුණුව සඳහා ආයෝජනය කිරීම බව පෙන්වාදුන් ඔහු ශ්‍රී ලංකාවේ දැනට හඳුන්වාදී ඇති NVQ සහතික පත්‍ර ප්‍රදානය මඟින් පුහුණු ශිල්පීන්ට රැකියා සඳහා ජාත්‍යයන්තර පිළිගැනීමක් ලැබී තිබෙන බවද කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *