“ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාපිත කිරීමට ණය ආධාර

Share Button

නව අදහස් ව්‍යාපාර බවට පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාපිත කිරීමට  “ එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා “ ව්‍යාපෘතිය මඟින් ණය ලබා දීමට පියවර ගෙන තිබේ.

පළපුරුද්ද මත පදනම්ව ව්‍යාපාර මෙහෙයවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වෘත්තීය මට්ටමින් ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කර ගැනීමට අවබෝධයක් නොමැති වීම ගැටළුවකි. එය සැළකිල්ලට ගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාපිත කිරීමට සහය වීම මෙහි අරමුණයි. ඒ අනුව 2018 – 2020 කාලය තුළ කෘෂි හා ධීවර සමාගම් 50 ක් මෙන්ම, කාන්තාවන්ට වැඩි අයිතියක් හිමි සමාගම් 25 ක් සමඟ තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගත් නව ව්‍යාපාර 150 ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

කණ්ඩායමක් වශයෙන් එකතු වී ව්‍යාපාර කිරීමට කැමති තරුණයන් , කාන්තාවන් හෝ වෙනස් හැකියාවන් සහිත (Differently Abled) ව්‍යවසායකයන්ට මෙම සමාගම් ස්ථාපිත කළ හැකිය. එක් කණ්ඩායමක් සඳහා අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකුවත් (5) සිටිය යුතුවේ. එමෙන්ම සෑම කොටස්කරුවෙකුම රුපියල් 10,000 ක අවම ප්‍රාග්ධනයක් ආයෝජනය කළ හැකිය.

කෘෂිකර්මාන්ත, ඇඟළුම් හා තොරතුරු තාක්ෂණ යන කේෂ්ත්‍ර ආවරණය වනපරිදි මෙම සමාගම් පිහිටුවීමට අපේක්ෂා කෙරේ. එලෙස ස්ථාපිත සමාගම්වල නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ණය පහසුකම් ස්විශේෂ සහනදායී කොන්දේසි යටතේ ලංකා බැංකුව මඟින් ලබා දීමට කටයුතු කරනු ලබයි.

රජය විසින් ණය සඳහා වගකීම් භාරගන්නා ලිපිය ( Letter Of Comfort) හෝ ඇපකරයන් හෝ රජය විසින් ලබාදෙනු ලබයි. එමෙන්ම අදාළ ණය මුදලේ වාරිකයෙන් 75% ක් රජය විසින් දරනු ලබයි.

ආදාළ සමාගම කාන්තාවක් විසින් පාලනය කරන්නේ නම් ණය වාරිකයෙන් 85% ක් රජය විසින් දරනු ලබයි. වෙනස් වු හැකියාවන් සහිත පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන්නේ නම් රජය විසින් ඉන් 90% ක් දරණ හෙයින් ණය පිරිවැයෙන් අදාළ සමාගම දැරිය යුත්තේ 10% ක් පමණි.

මුල්‍ය නොවන ප්‍රතිලාභ වන සමාගම් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහය,ව්‍යාපාර සැලසුම් සකස් කිරීම, ගිණුම්කරණය පිළිබඳ අවබෝධය, ගිණුම් පොත්පත් පවත්වා ගෙනයාම , බදු ගණනය පිළිබඳ පුහුණුව යන ප්‍රතිලා ද රජයේ වියදමින් ලබා දීමට කටයුතු කර තිබේ.

මෙහි නියමු ව්‍යාපෘතිය ( Pilot Project) ලෙස මොණරාගල දිස්ත්‍රිකයේ දී ආරම්භ කරනු ලබයි. ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11 ක් නියෝජනය වනපරිදි සමාගම් හා ආයතන 11 ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ. ජර්මානු සහයෝගීතා ආයතනය ( GIZ) විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණ සහය ලබා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *