ජනාධිපතිතුමා දේශිය අවශ්‍යතා පසෙක දමන නායකයෙකු නොවේ – අමාත්‍ය මහින්ද සමරසිංහ

Share Button

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර බළපෑම් වලට අනුව දේශීය අවශ්‍යතාවන් පසෙකට දමන නායකයෙක් නොවන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. වත්මන් තරුණ පරපුර සහ අනාගත දරු පරපුර ආරක්ෂා කර ගැනීම පිණිස මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට ඍජු පියවර ගත යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ඔහු අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ දී පැවසීය.

මරණ දඬුවම් නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අපරාධකරුවන් සම්බන්ධයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ නෛතික ක්‍රියාවලියකින් පසුව අධිකරණ නිර්දේශ අනුව බව ඔහු එහිදී පවසා තිබේ.

එය ජනාධිපතිවරයාගේ තීරණ අනුව සිදුනොවන බවත් ජනාධිපතිවරයා සිදුකරනුයේ ආදාළ නිර්දේශය ක්‍රියාත්මක කිරීමට අත්සන යෙදීම පමනක් බවත් ඔහු අවධාරණය කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ කිසිවෙකු ඊට විරුද්ධ නොවී සියළු දෙනාම සහය පළ කළ බවද ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *