රණාල ප්රදේශයේදී තවත් දරුණු පාතාල සාමාජිකයකු අත්අඩංගුවට
රණාල ප්රදේශයේදී තවත් දරුණු පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 2015 වසරේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ඌරු ජුවා සහ තවත් හත් දෙනෙකු සමග එක්ව රණාල ප්රදේශයේදී චාමර නමැති පුද්ගලයකු කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත. මෙම පාතාල සාමාජිකයා හෙට්ටිආරච්චිගේ ජගත් කුෂාන් දිල්රුක් වන අතර රණාල ප්රදේශයේදී නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදුවිය. ඊෂි කෑෂ් හරහා මත්කුඩු ජාවාරම මෙහෙයවන පොඩි තිලිණ නමැත්තාගේ ගෝලයන් වන රොඩා සහ නලියාද ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සැකකරුවන් රදවාගෙන ප්රශ්න කරන බව පොලිසිය කියයි.