මයිලෝ පාසල් නෙට්බෝල් තරගාවලිය මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදී ලබන මස 02 වැනිදා සිට

Share Button

මයිලෝ පාසල් නෙට්බෝල් තරගාවලිය මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදී ලබන මස 02 වැනිදා සිට 04 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 27 වැනි වතාවටයි. අවසන් මහ තරගයට ක්‍රිඩක ක්‍රිඩිකාවන් 5500 දෙනෙකු සහභාගි වන බව ශ්‍රි ලංකා පාසල් නෙට්බෝල් සම්මේලනයේ සභාපති මාලනී හේරත් මහත්මිය කියයි.

මුලික වටය සඳහා පාසල් 700 ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 9360 දෙනෙක් සහභාගි වුහ. නෙල්ලේ ආයතනය 27 වැනි වතාවටත් තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු නෙස්ලේ ආයතනයේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් බිහි කිරිමට තම ආයතනය දායක වී ඇතැයි පැවසීය. ආයතනයේ ක්‍රිඩා අධ්‍යක්ෂ මංජුල කාරියවසම් මහතා ද අදහස් දැක්වීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *