රාජපක්ෂ පාලන සමයේ පැවති මාධ්‍ය මර්දනය පිළිබඳව මාධ්‍ය සංවිධාන ක්‍රියාකරිහු අදහස් දක්වති

Share Button

තම පාලන සමයේදි මාධ්‍ය නිදහස නොතිබුනේ නම් එයට එවකට සිටි ඇමති මණඩලයද වගකිව යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැපිලයාන සුනේත්‍රාදේවී පිරිවෙනේ ඊයේ පැවිත උත්සවයකදී පැවසීය. තම පාලන සමයේ මාධ්‍ය නිදහස නොතිබුනේ නම් ඒ පිළිබඳව වත්මන් ජනාධිපතවරයා ද දැනගත යුතු බව පැවසු ඒ මහතා තම පාලන සමයේ උතුරට පවා මාධ්‍ය නිදහස හිමිවී තිබූ බව සඳහන් කලේය. එහෙත් පසුගිය රජය සමයේ මාධ්‍යවේදින් හා මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව සඳහන් ලේඛණයක් 2015 දී මාධ්‍ය සංවිධාන මගින් රජයට හා පොලීසියට ලබාදී තිබේ. එම දත්තවලට අනුව වැඩිම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වලයි. අවම වශයෙන් මාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩමුඑවක් හෝ පැවැත්වීමට අවසර නොලැබෙන ආකරයේ මාධ්‍ය වර්ධනයක් එම කාලයේ පැවතිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *