ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ දෙවන දිනය අදයි

Share Button

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලෙය් ඇසල පෙරහර මංගල්‍යයේ දෙවන දිනය අදයි.සොබාදහමයි ලොව අසමසම යන තේමාව යටතේ මෙවර පෙරහර මංගල්‍යය පැවැත්වේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර බැතිමතුන්ට පෙරහර නැරඹිමේ අවස්ථාව අහිමි වෙයි. තම නිවසේ සිට පහණක් දක්වා කතරගම දෙවිඳුන්ට පුදපුජා පැවැත්වීමට එක්වන්නැයි ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිල්රුවන් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය උපදෙස්වලට අනුව පෙරහර මංගල්‍යය සංවිධාන කර ඇතැයි ද ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් බස්නායක නිලමේවරයා පැවසීය.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර මංගල්‍ය පිළිබඳව සජිවි විස්තර ප්‍රචාරයක් ශ්‍රාවකයන් වෙත ගෙනඒමට ජාතික ගුවන් විදුලියේ රුහුණු සේවය විධිවිධාන යොදා තිබේ.සිංහල ස්වදේශිය  වෙළෙඳ හා සිටි එෆ් එම් සේවා ඔස්සේ වරින්වර විස්තර ගෙනඒමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *