ලෝකයේ දුෂණයට එරෙහි රටවල් අතර ශ්‍රි ලංකාව ප්‍රමුඛස්ථානයට පත්කිරිම අරමුණ බව ජනාධිපතිතුමා කියයි

Share Button

තම ධූර කාලය තුල ලෝකයේ දුෂණයට එරෙහිව ක්‍රියා කරන රටවල් අතර ශ්‍රි ලංකාව ප්‍රමුඛස්ථානයට පත්කිරීම අරමුණ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. කොළඹදී අද ආරම්භවු ජාකර්තා මුලධර්ම පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂඥ කන්ඩායමේ රැස්වීමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් එතුමා ඒ බව සඳහන් කලේය.

බලය හා දූෂණය එක්ව බැදී ඇති දම්වැලක් සේ එකට ගමන් කරයි. අල්ලස හා දූෂණය ද අපරාධ සහ මත්ද්‍රව්‍ය ද ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයකි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහනය කිරීමෙන් පසුව එම ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන ප්‍රතිඥාවක් වු ජනාධිපති ධූරයේ අසිමිත බලතල ඉවත් කිරීමට තමා කළ කැපකිරිීම එහිදි සිහිපත් කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයට පත්වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය මගින් රාජාණ්ඩුවක බලතල ජනාධිපති ධූරයට එක්කර තිබූ බව සඳහන් කලේය.
දූෂිත රාජ්‍ය නිලධාරින් හා දූෂිත දේශපාලඥයන් පාට පක්ෂ භේදයෙන් තොරව සන්ධාන ගතව දූෂණ විරෝධි වැඩපිළිවෙල වැලැක්විමට ක්‍රියා කරමින සිටින බව පැවසූ ජනාධිපතිතුමා කුමන බාධක පැමිණයත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවට සහතික විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *