අතිරේක ආහාර බෝගවලින් රට ස්වයං පෝෂිත කිරීම ඇරඹේ

Share Button

අතිරේක ආහාර බෝගවලින් රට ස්වයං පෝෂිත කිරීම ඇරඹේ. ඒ අනුව දේශගුණික සුහුරු වාරී කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ ආරම්භ වු මෙවර යල කන්නයේ ආහාර නිෂ්පාදන වැඩසටහනින් අස්වනු නෙලීම ඇරඹේ. ව්‍යාපෘතිය සදහා හම්බන්තොට. කිලිනොච්චිය. මුලතිව්. ත්‍රිකුණාමලය. මඩකලපුව. හා අම්පාර ඇතුඵ දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් 7074 දෙනෙකු තෝරාගෙන තිබුණු අතර ගොවි නිෂ්පාදන සමිති පිහිටුවා බීජ කිලෝග්‍රූම් එක්ලක්‍ෂ 50 දහසකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් අතරේ බෙදා දෙන ලදී. රටකජු. මුං. කව්පි. මිරිස්. කුරක්කං. සෝයා. තල උදු වැනි බෝග අක්කර 3635 ක මේ යටතේ වගාකෙරෙන අතර ඒවා වාර්ෂිකව ආනයනය සදහා වැය වන වියදම මේ යටතේ ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *