මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ උන්නතියට ජාතික ගුවන් විදුලියෙන් අතහිත

Share Button

වසර 95 ක ඉතිහාසයක් ඇති ජාතික ගුවන් විදුලියට විශාල අතීත උරුමයක් ඇතැයි සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පවසයි. එස් එල් බී සී මියුසික් ප්‍රොඩක්ෂන්ස් ලෙස නව වැඩසටහනක් ආරම්භ කරමින් ඔහු මේ බව කීවේය. ඕනෑම අයෙකුට සිය ගීත නිර්මාණය කර ගැනීමට ඉදිරියේදී ගුවන් විදුලි සංස්ථාවේ මානව හා භෞතික සම්පත් පරිහරණය කිරීමට මේ යටතේ ඉඩ සැලසේ. එම පටිගත කිරීම් වෙනුවෙන්ම සංස්ථාවේ 05 වන මැදිරිය නිල වශයෙන් විවෘත කිරීම අද සිදුවිය. මෙහිදී අදහස් දැක්වු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා පැවසුවේ ඇතැම් ජනමාධ්‍ය මගින් සමාජයට හානි සිදුවන බවයි. දරුවන්ගේ මනසට අවශ්‍ය සේවය ජනමාධ්‍යයන්ගෙන් නොලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරියේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සංගීත පාඨමාලා සහ වෙනත් සංගීත අධ්‍යාපනික වැඩසටහන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු කීවේය. අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා ද තවත් ගායක-ගායිකාවෝ රැසක් ද මෙම අවස්ථාවට එක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *